News

ගෑස් මිල ඉහළ දමන්න සමාගම් ඉල්ලයි | මිල ඉහළ දැමීමට නොහැකියි – පාරිභෝගික කටයුතු අධිකාරිය

ගෑස් මිල ඉහළ දමන ලෙසට සමාගම් විසින් ඉල්ලීම් කළද, කිසිදු අයුරකින් ගෑස් මිල ඉහළ නොදමන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශය සදහන් කළේ ගෑස් සමාගම් විසින් ගෑස් මිල ඉහළ දමන ලෙසට පසුගිය දිනවල ඉල්ලීම් කළ බවයි.

එම ඉල්ලීම සම්බන්ධයෙන් ජීවන වියදම් කමිටුවට යොමු කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ලෝක වෙළෙදපොලේ පසුගිය නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ගෑස් මිල පහළ යාම හේතුවෙන් මෙරට ගෑස් මිල ඉහළ දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි වාණිජ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ.

කෙසේ වෙතත් එම තත්ත්වය තුළ ගෑස් මිල ඉහළ දැමීමට කිසිදු අවසරයක් නොදෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළා.