වෙන්නප්පුව ගිං ඔය පාලම ආසන්නයේ තිබී ජීව අත් බෝම්බයක් හමුවෙයි
වෙන්නප්පුව – නයිනමඩම ප්‍රදේශයේ ගිං ඔය පාලම ආසන්නයේ තිබී ජීව අත් බෝම්බයක් හමුවී ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.
26 වැනිදා පෙරවරු 6.00 ට පමණ මෙම ජීව අත්බෝම්බය හමුවී ඇත.
ගිං ඔයේ මසුන් මරමින් සිටි ධීවරයෙකුගේ දැලට ජීව බෝම්බය පැටලී ඇති බව පොලීසිය කියයි.හමුවී ඇති බෝම්බය කුමන වර්ගයකට අයත් එකක්ද යන්න හදුනා ගෙන නැත.
බෝම්බය නිශ්ක්‍රීය කටයුතු කිරීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කදවුර වෙත දැණුම් දීමට වෙන්නප්පුව පොලීසිය කටයුතු කර ඇත.
කව්රුන් විසින් මෙම ජීව අත්බෝම්බය ගෙනවිත් දැමුවාද යන්න මෙතෙක් අනාවරණය වී නැත. වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජුඩ් සමන්ත
