News

ගිනි අවියේ බලපත්‍රය අලුත් කරන්න අමතක වුණා – රන්ජන්

ආණ්ඩුව නිකුත් කළ ගිනි අවියේ බලපත්‍ර අලුත් කරන්න අවුරුදු තුනක් තිස්සේ අමතක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඊ​යේ (5 වැනිදා) ප්‍රකා​ශ කළේය.

අධිකරණයෙන් ඇප ලබා පැමිණි මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හමුවේ මෙසේද කීය.

‘නිදහස් වීම ගැන ඉතාම සතුටුයි. මගේ රාජකාරි ගිනි අවිය නිකුත් කරලා තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය හරහා ආණ්ඩුවෙන්මයි. ආණ්ඩුව නිකුත් කරපු අවියට බලපත්‍ර ලබාගෙන තිබුණා. වසර තුනක් තිස්සේ එය අලුත් කරන්න අමතක වුණා. එය කිරීමට නියමව තිබෙන්නේ මගේ ආරක්ෂක නිලධාරී මහතාටයි.

අතපසු වීමක් වෙලා තිබෙනවා. ඒ වගේ දෙයකට මෙහෙම අරගෙන ගිහින් ආණ්ඩුව සහ පොලිසිය දරපු උත්සාහය ගැන මම පුදුම වෙන්නේ නැහැ. අධිකරණයේ විනිසුරුතුමා බොහෝම බුද්ධිමත්ව මෙම කූට උපක්‍රමය තේරුම් ගත්ත එක ගැන ස්තුතිවන්ත වෙනවා.

හේමන්ත ලියනපතිරණ