ගිනිඅවි 03ක් සමඟ අපරාධ රැසකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට
නීතිවිරෝධී ගිනි අවි 3 ක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු අම්බලන්ගොඩ වතුගෙදර ප්රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනී.
අත්අඩංගුවට ගත පුද්ගලයින් දෙදෙනා ගාල්ල සහ මොරොන්තුඩුව ප්රදේශවල සිදු වූ අපරාධ රැසකට සම්බන්ධ බවට අනාවරනය වන අතර මොවුන් සන්තකයේ තිබී නීතිවිරෝධී ගිනි අවි සමඟ විවිධ වර්ගයේ පතරොම් 5ක්, මෝටර් රථයක්, වෑන් රථයක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා අද දින කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.