ගිනිඅවි තුනක් සමග තිදෙනෙකු අත්අඩංගුවට
මොණරාගල පොලිස් කොඨ්ඨාශයේ පොලිස් ස්ථාන තුනක නිලධාරීන් පිරිසක් විසින් සිදු කල වැටලීමකදී මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවි තුනක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ගිනිඅවි වැල්ලවාය මහආර,ඇතිමලේ බුදුරුවාව සහ මැදගම කින්නරබෝව ප්රදේශවල දී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්රදේශවල පදිංචි පිලිවෙලින් වයස අවුරුදු විසි හතර, හතලිස් හතර සහ පනස් එක යන වයස් වල පසුවන සැකකරුවන් පිරිසක් බව පොලිසිය කියයි.
සැකකරුවන් සතුන් දඩය්ම් කිරිමේ අරමුනින් මෙම ගිනිඅවි ලග තබාගන්නට ඇති බවට පොලිසිය සැකපල කරන අතර සැකකරුවන් සියඹලාණ්ඩුව සහ වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයන්ට ඉදිරිපත් කිරීමට නියමිතයි. අදාල පොලිස් ස්ථාන ඉදිරි විමර්ශන සිදු කරයි.
ජයන්ත වීරසේකර