ගිනිගත්හේන නගරයේ වෙළදසැල් පෙලක් ගිලා බසි
ගිනිගත්හේන නගරයේ වෙළදසැල් පෙලක් ගිලා බැසීමට ලක්වු බවත් එක් පුද්ගලයෙක් අතුරුදන් වී ඇති බවත් ගිනිගත්හේන පොලිසිය පවසයී.
ප්‍රදේශයට ඊයේ අළුයම සිට ඇද හැලෙන වර්ෂව හේතුවෙන් ගිනිගත්හේන නගර මධ්‍යයේ පිහිටි නාවලපිටිය මාර්ගයේ කඩ සාප්පු 7ක් අද (19)අළුයම 3.00 ට පමණ නාය යාමකට ලක්වී තිබේ.එම අවස්ථාවේ එම කඩ කාමරයක නිදා සිටි පුද්ගලයෙක් අතුරුදන් වී ඇති අතර ඔහු සොයා යුධ හමුදාව.පොලිසිය හා ප්‍රදේශවාසීහු එක්ව කටයුතු කරමින් සිටිති.
කඳුකරයට නොනැවති තව දුරටත් වර්ෂාව ඇද හැලෙමින් පවතින අතර බොහෝ ප්‍රදේශවලට විදුලි බලයද ඇණ හිට තිබේ.




හැටන් – චන්දන ජයවිර
