ගුවන්තොටුපල තැරැව්කරුවන්ට වැඩ වරදී – දෙදෙනෙකු STF අත්අඩංගුවට
කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තය අසල දේශිය විදේශිය ගුවන්මගීන්ට පීඩාකාරි ලෙස හැසිරිනු තැරුව්කරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (21) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා 43 -47 හැවිරිදි ආඩියම්බලම කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ගුවන්තොටුපල අසල රැදී සිටින තැරැව්කරුවන්ගෙන් සිදුවන බලපෑම් පිළිබද දේශිය විදේශිය ගුවන් මගීන්ගෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව පොලිසිය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලකගේ ඍජු අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා විසින් මෙම තැරැව්කරුවන් අත්අඩංගුවට ගැනිමට මෙහෙයුම් සිදුකරයි.
හේමන්ත ලියනපතිරණ
