News

කටුනායක ගුවන්තොටේ වැසිකිළියේ කෝටි 23ක රත්තරන්

කටුනායක ගුවන්තොටේ වැසිකිළියේ කෝටි 23ක රත්තරන්

රුපියල් විසි තුන් කෝටි තිස් ලක්ෂයක් වටිනා රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් පෙරේදා (3 වැනිදා) උදෑසන සහ සවස්වරුවේ රේගු නිලධාරීන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ වැසිකිළියක තිබී සොයාගෙන ඇත.

.මෙරටට නීති විරෝධී ලෙස එවන ලද රුපියල් කෝටි 22 කට අධික වටිනාකමකින් යුතු රත්තරන් බිස්කට් කිලෝ ග්‍රෑම් 17 ක තොගයක් පොළොව පිරිසිදු කරන යන්ත්‍රයක සඟවා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටකිරීමට සූදානම්වූ එහි පවිත්‍රතා අංශයේ සුපවයිසර්වරයකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පෙරේදා (3 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී. මේ අතර ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ වැසිකිළියක් තුළ අතහැර දමා ගොස් තිබූ රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ අඩංගු පාර්සල් 03 ක්ද එදින සවස ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් සොයාගෙන ගෙන ඇති බව රේගු අධ්‍යක්ෂ ​ෙජනරාල් , විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය පැවසීය.

රුපියල් කෝටි 22 ක් වටිනා රන් බිස්කට් 161 අත්අඩංගුවට ගැනීමත් සමග බියට පත්වූ ගුවන්තොටුපළ රන් ජාවාරම්කරුවන්, පසුව හමුවූ ස්වර්ණාභරණ තොගය වැසිකිළියේ දමා යන්නට ඇතැයි රේගුව සැක පහළ කරයි. සවස් වරුවේ අත්අඩංගුවට ගත් ස්වර්ණාභරණ තොගයේ මාල, වළලු මුදු කරාබු, පෙන්ඩන්ට් තිබී ඇත. කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් මෙම ස්වර්ණාභරණ තොගය පිළිබඳව වැඩිදුර විමර්ශන කරයි.

සාලිය ගුණසේකර

ටී. කේ. ජී. කපිල – කටුනායක