ගෙවුණු දින දෙකට රේගුවේ පාඩුව රු.කෝටි 600යි – ඩි.වී චානක
ගත වූ දින දෙක තුළදී ශ්‍රී ලංකා රේගුවට පාඩු වී ඇති මුදල රුපියල් කෝටි හයසීයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා අද (01) නෙළුම් මාවතේ පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.
සේවයට සුදුසු නොවන පුද්ගලයින් පත් කර නොගැනීම හේතුවෙන් වර්තමානය වන විට අර්බුදයක් ගොඩනැඟී ඇති බව මන්ත්‍රීවරයා පැවසූ අතර එම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණක හේරත් මහතාද මෙම මාධ්‍ය හමුවට සහභාගී වී තිබේ.