ගොඩනැගිල්ලකින් වැටී හමුදා සෙබලෙක් මියයයි
පිළියන්දල, නිවන්තිඩිය, පාසල් මාවතේ තෙමහල් නේවාසිකාගාර ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් යුද්ධ හමුදාවේ පළමු වන සන්නද්ධ බුද්ධි බලකායේ නිලධාරියෙකු ඊයේ (7) මියගිය ගොස් ඇති බව වාර්තා වේ.
මියගිය නිලධාරියා අලවතුගොඩ, මාරුපන ප්‍රදේශයේ පදිංචි අජිත් ප්‍රියන්ත ප්‍රනාන්දු නැමැත්තෙකි.
මියගිය නිලධාරියා තවත් නිලධාරීන් කිහිප දෙනෙකු සමග එක්වී තෙමහල් නේවාසිකාගාරයක් පිරිසිදු කරමින් සිටියදී මෙලෙස ඉහළ මාලයේ අඩි 20ක පමණ උසක සිට ඇද වැටී ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලද එම නිලධාරියා කොතලාවල ආරක්ෂක ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පිළියන්දල පොලිසිය විසින් සිදු කරනු ලබයි.