ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ගැන හරීන්ගේ ටිව්ටර් පණිවුඩයට නාමල්ගෙන් උත්තර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් අමෙරිකානු පුරවැසියෙකු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
සිට ටිව්ටර් ගිණුමේ පණිවිඩයක් තබමින් නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසි භාවය ඉවත් කර නොමැති බවට අසත්‍ය චෝදනා ප්‍රචාරය වන බවය.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් ඔස්සේ පණ්වුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම අමෙරිකා එක්සත් ජනපද පුරවැසිභාවය අහෝසි කළ පුද්ගලයින්ගේ නාම ලේඛනයේ ඇතුළත්ව නොමැති බවය.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් අමෙරිකානු පුරවැසියෙකු වන අතර ජනපති ධුරයට තේරී පත් වුවහොත් ඔහුට එම ධුරය දැරීමට නොහැකි වන බවය.
Let's clarify doubts about @PodujanaParty presidential candidate's U.S. citizenship once and for all. Here's the proof! @GotabayaR is no longer a U.S. citizen. The @officialunp can now move on to another mudslinging campaign. #SriLanka #PresPollSL #PresPoll2019 pic.twitter.com/pooHC8CBL7
— Namal Rajapaksa (@RajapaksaNamal) November 9, 2019
The Federal Register denouncing the individuals of their U.S Citizenship released with Nandasena Gotabhaya Rajapksha's name not in it. @gotabayaR will remain a citizen of USA and will not be able to function as President even if he is elected into office.
— Harin Fernando (@fernandoharin) November 9, 2019
