News

ගෝඨාගේ නඩුව විභාග කිරීම වළක්වාලමින් පනවා ඇති තහනම දෙසැම්බර් 20 දක්වා දිගුවෙයි

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර සිද්ධියට අදාළව ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාගයට ගැනීම අත්හිටුවමින් ලබාදුන් අතුරු තහනම් නියෝගය දෙසැම්බර් මස 20 වනදා දක්වා දීර්ඝ කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය අදාළ පෙත්සම අද කැදවූ අවස්ථාවේ ලබාදුන් අතර එම නඩුව දෙසැම්බර් 10 වන දා යළි කැදවීමට නියමිතව ඇත.