ගෝඨාගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම සලකා බැලීම අද
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම සලකා බැලීම අද (02) ආරම්භ වෙයි.
අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ හෙට හා අනිද්දා දිනවල ද පෙත්සම සලකා බැලීමට නියමිතව ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවන නියෝගයක් පනවන ලෙස ඉල්ලා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ අතර රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවය පිරිනමමින් 2005 වසරේ නොවැම්බර් මස 21 වන දින නිකුත් කළ ලියැවිල්ල නීත්‍යානුකූල නොවන හෝ ව්‍යාජ එකක් බව පවසමින් මෙම පෙත්සම ගොනු කර ඇත.
