ගෝඨාගේ පුරවැසිභාවයට එරහි පෙත්සම ගැන විභාගයට ගැනීම ඔක්තොම්බර් 02 සිට
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවන නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන මස 2 වන දා පෙරවරු 9.30ට සලකා බැලීම සඳහා කැඳවීමට අභියාචනාධිකරණය අද තීරණය කර ඇත.
ගාමිණී වියන්ගොඩ හා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරුන් විසින් පෙත්සම ගොනු කර ඇත.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ අද එම පෙත්සම කැඳවනු ලබා ඇති අතර එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරයා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා, ස්වදෙශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා හා විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන් නම් කර ඇත.
