News

ගෝඨාට සහය දෙන පක්ෂවල නායකයින් හා නියෝජිතයන්ගේ හමුවක් අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන පක්ෂවල නායකයින්ගේ හා නියෝජිතයන්ගේ හමුවක් අද (29)පැවැත්වීමට නියමිතව ඇත.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී එම සාකච්ඡාව අද රාත්‍රී 7.00 ට පැවැත්වෙන අතර ලබන 31 වනදා අත්සන් තැබීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ගිවිසුම
සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන බව ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයෙකු සඳහන් කළේය.