News

ගෝඨාභය රාජපක්ෂ සහභාගි වූ විශේෂ මාධ්‍ය හමුව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වූ විශේෂ මාධ්‍ය හමුවක් අද කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත් විය.

මෙම විශේෂ මාධ්‍ය හමුව සදහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වි සිටියේය.

එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නවලට ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා විසින් පිළිතුරු ලබා දුන්නේය.

මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී කිහිපදෙනෙක් ද සහභාගි වි සිටියේය.