News

ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවයට එරෙහි පෙත්සම ඒකමතිකව ප්‍රතික්ෂේප කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියෙකු ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කළේය.

ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ගොනු කළ මෙම පෙත්සම දින තුනක් විභාග කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් අද ඒකමතිකව ප්‍රතික්ෂේප කළේය.