ගෝඨාභයට එරෙහිව මඩ පත්‍රිකා බෙදූ ඇමති හර්ෂගේ ලේකම් ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ්
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් මුද්‍රණය කළ මඩ පත්‍රිකා බෙදමින් සිටියදී අත්අඩංගුවට ගත් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වාගේ ලේකම්වරයා හා අනෙක් පුද්ගලයා අද (11) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මෙම මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත් හරිෂ් පැල්පොල මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කරන ලද්දේ නුගේගොඩ ගංගොඩවිල දුම්රියපළ පාර පදිංචි සිංගජපුලිගේ දොන් හේමසිරි (64) සහ නුගේගොඩ මිරිහාන පදිංචි සිරිල් ප්‍රනාන්දු (60) යන දෙදෙනාය.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ දැන්වීම් අතර තිබුණු එම පත්‍රිකා තොගය හමු වූයේ නුගේගොඩ මිරිහාන ප්‍රෙද්ශයේ නිවෙස් වෙත බෙදාහරිමින් තිබියදී.
