News

චැපල්ටන් වත්තේ 400කට PCR පරික්ෂණ

සංචරණ සිමා පනවා ඇති නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ චැපල්ටන් වත්තේ PS කොටසේ පදිංචි වතු කම්කරුවන් 400 ක් ඊයේ(25) දින පි.සි.ආර් පරික්ෂණ සිදු කර ඇත.

සංචරණ සිමා පනවා ඇති චැපල්ටන් PS කොටසින් මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන්ව නිරෝධන මධ්‍යස්ථාන වලට යොමු කිරීමට කටයුතු යොදා ඇත.

ඉන් 78 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් 19 වෛරසය උත්සන්න වීමෙන් සහ නිදන් ගත රෝග හේතුවෙන් පසුගියදා ජීවිතක්ෂයට පත්ව ඇත.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 100 කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා සඳහන් කරයි