News

චිත්‍රපට සංස්ථාව යටතේ තිබෙන සිනමා ශාලා වසයි

අගමැතිගේ උපදෙස් මත ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ පවතින සියළුම සිනමා ශාලා තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.

නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම සැළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹි බව අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසයි.

සියළුම සිනමා ශාලා අද සිට වසා තැබෙන අතර විවෘත කෙරෙන දිනය පසුව දැනුම්දෙන බව බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේය.