චීන එන්නත් ලක්ෂ 6 රැගෙන ඒමට නියමිතයි
කොවිඩ් 19 වයිරසයට එරෙහි සිනොෆාම් එන්නත් තොගය හෙට (31 වැනිදා) උදෑසන මෙරටට ළඟා වීමට නියමිතය. චීනයේ ප්‍රදානයක් ලෙස මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබේ.
මෙම එන්නත් මාත්‍රා ලක්ෂ 6ක තොගය ගුවනින් කටුනායක ගුවන්තොටුපොළට රැගෙන එනු ඇති බවත් එය චීන ජනතාවගේ පරිත්‍යාගයක් බවත් කොළඹ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් අරුණට පැවසීය.
මෙම සිනොෆාම් එන්නත් තොගය කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට රැගෙන එනු ලබන්නේ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මගිනි. මෙම සිනොෆාම් එන්නත නිපදවා ඇත්තේ ‘චීන ජාතික ඖෂධ සමූහය’ (China national pharmaceutical group) විසිනි. සිනොෆාර්ම් එන්නත් මාත්‍රා මිලියන 100ක් පසුගිය සතිය අවසන් වන විට ලොව පුරා රටවල් ගණනාවකට ලබා දී ඇතැයි චීනය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ වාසය කරන චීන ජාතිකයන්ට ආරම්භයේ දී මෙම එන්නත ලබා දෙන බවද තානාපති කාර්යාල ප්‍රකාශකයා සඳහන් කළේය. මේ අතර පසුගිය සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරන ලද්දේ ඉදිරියේ දී මෙරටට රැගෙන එන නව වර්ගවලට අයත් එන්නත් තෝරාගත් ප්‍රදේශවල ජනතාවට ලබා දීම කඩිනමින් ආරම්භ කරන බවයි.
නයන තරංග ගමගේ