චීන විදේශ කටයුතු ඇමති අද දිවයිනට
චීන විදේශ කටයුතු අමාත්‍ය වංග් යි මහතා කෙටි සංචාරයක් සදහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
චීන විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවීමට නියමිතයි.
විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ චීන විදේශ අමාත්‍යවරයා හෙට (14) දහවල් දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි.
