චීනය පසු කර ලංකාව ඉදිරියට යයි
ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පළමු වරට චීනයේ ආසාදිතයින් ගණන අභිබවා ගොස් ඇති බව වර්තා වේ.
මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 90, 200 දෙනෙකු වන අතර එය චීනයෙන් මේ වනවිට වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් වේ.
චීනයේ මේ වන විට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 90,106කි.
මෙරට මේ වනවිට සුවය ලැබූ ආසාදිතයින් ගණන 86,759 දෙනෙකු වන අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2,895 දෙනෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 546කි.
චීනයේ පුද්ගලයින් 85,309ක් පුර්ණ සුවය ලබා ඇති අතර චීනයේ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 4,636ක් වේ.