News

චීනයෙන් ඩොලර් බිලියන 1.5ක් ලංකාවට

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර ද්විපාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹ තිබේ.

එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම වශයෙන් චීන යුවාන් බිලියන 10 ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක පමණ මුදල් හුවමාරු පහසුකමකට හිමිකම් ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

එම ගිවිසුම වසර තුනක කාල සීමාවක් සඳහා වලංගු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.

දෙරටේ ආර්ථික සංවර්ධනය සඳහා ද්විපාර්ශවික වෙළඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත්, දෙපාර්ශවයේම එකගතාව මත වෙනත් අරමුණු සඳහා භාවිතා කිරිමට හැකි වන පරිදි මෙම ගිවිසුම ඇති කරගෙන ඇත.

මහජන චීන ජනරජය ශ්‍රී ලංකාවේ විශාලතම ආනයනකරු වන අතර 2020 දී, චීනයෙන් කරනු ලැබූ ආනයන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3.6 ක් විය.එය ශ්‍රී ලංකාවේ ආනයනවලින් 22.3% ක් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත, මෙම හුවමාරු ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සහ චීන මහජන බැංකු අධිපති ආචාර්ය යී ගැන්ග් මහතා එම ගිවිසුමෙහි අත්සන් දායකයන් ලෙස සම්බන්ධ වී තිබේ.