News

චීනයේ සිට පැමිණෙන මගීන් විශේෂ පර්යන්තයකින් ඇතුළත් කර ගැනීමට පියවර

චීනයේ සිට පැමිණෙන මගීන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී විශේෂ පර්යන්තයකින් ඇතුළත් කර ගැනීමට ගුවන්තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ.

එහිදී ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙනු ඇති.

එමෙන් කටුනායක ගුවන් තොටුපළේ සේවය කරන සියලුම නිලධාරීන්ට මුඛවාඩම් පැළදවීම ද අනිවාර්ය කර ඇති බවට ගුවන් තොටු තොරතුරු වාර්තා කරයි.