ඡන්ද පත්රිකාව ගිය වරට වඩා දෙගුණයකින් දිගු වෙයි
ජනාධිපතිවරණයට අපේක්ෂකයන් තිස්පස් දෙනෙකු ඉදිරිපත්ව සිටින බැවින් මෙවර ඡන්ද පත්රිකාව ගියවරට වඩා දෙගුණයක් විශාල වන බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය කීවේය.
මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී ඊයේ (07 වැනිදා) නාම යෝජනා පත්ර භාරගැනීමෙන් අනතුරුව ඔහු අපේක්ෂකයන්ට මේ බව පැවසුවේය. ජනාධිපතිවරණය සඳහා වියදම් කිරීමට බලාපොරොත්තු වූ මුදල රුපියල් කෝටි හාරසියයක් වූවත්, අපේක්ෂකයන් පිරිස වැඩිවීම නිසා එම මුදල ඊට වඩා වැඩිවන බවද ඔහු කීවේය.
“අපිට ඡන්ද පෙට්ටි හදන්න වෙනවා.ඡන්ද පොළකට එක කම්කරුවා වෙනුවට දෙදෙනකු යොදවන්න වෙනවා. දෙදෙනකු යොදවන තැනට තිදෙනකු යොදවන්න වෙනවා. පනතේ හැටියට ඕනෑම අයකුට ඡන්දය ඉල්ලන්න පුළුවන්. ඒක අයිතියක්.” යැයි මහින්ද දේශප්රිය පැවසීය.
සාලිය කුමාර ගුණසේකර
