ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා හදිසියේ රෝගාතුර වීමෙන් අද (22) පෙරවරුවේ බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කළේය.
ඒ මහතා බලංගොඩ නගරයේ ජනාධිපතිවරණ රැස්වීමකට පැමිණ එහි කටයුතු අවසන්වීමෙන් පසුව පිටත්ව යෑමට ගිය අවස්ථාවේදී මෙලෙස රෝගාතුර වී ඇතැයි තොරතුරු වාර්තා වේ.