ජනපති ඝාතන චෝදනා පරීක්ෂණ අවසන් අදියරයේ | හෙට අනිද්දාම නීතිපති වෙත
ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ පරීක්ෂණ අවසන් අදියරට පැමිණ ඇති අතර තව දින කිහිපයකින් ඒ පිළිබඳ විස්තර නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශ්ව ගණනාවකින් ප්‍රකාශ ලබාගත් අතර පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් අවස්ථා තුනකදී ප්‍රකාශ සටහන් කර ගෙන ඇත. තවත් එක් දිනයකදී පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්ෂ නාමල් කුමාරගේ දුරකථනයෙන් මැකී ඇතැයි කියන හඬපට සම්බන්ධයෙන් වාර්තාවක් ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනකු මේ වන විටත් හොංකොං බලා ගොස් තිබේ.
කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ල වී සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මෙම 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.