ජනපති මෛත්‍රී සහ පිලිපීන ජනපති රොඩ්රිගෝ අතර හමුව අද
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා අද(16) එරට ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස්හි දී (Malacanang Palace)පැවැත්විමට නියමිතව තිබෙනවා.
දෙරට අතර පවතින දීර්ඝකාලීන දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා නව ක්ෂේත‍්‍රයන් කරා ව්‍යාප්ත කර ගනිමින් දෙරටටම අන්‍යෝන්‍ය ප‍්‍රතිලාභ හිමිවන අයුරින් සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ අරමුණයි.
දෙරට අතර ආරක්ෂක, අධ්‍යාපන, කෘෂිකර්ම සහ සංචාරක ක්ෂේත‍්‍රයන්හි සහයෝගිතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ ගිවිසුම් කහිපයකට රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව අත්සන් තැබීමට නියමිතයි.
අද (16) පෙරවරුවේ මැනිලා නුවර ස්ථාපිත කර ඇති පිලීපීන ජාතික වීරයන්ගේ ස්මාරකය වෙත යන ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වීමට නියමිතව තිබෙනවා.
සිය සංචාරයේ දී පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සහ ලොස් බැනෝස්හි පවතින ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ සංචාරයකට ද ජනාධිපතිතුමා එක්වන අතර ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකා ඕ මහතා ද (Takehiko Nakao) ජනාධිපතිතුමා හමු වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
සිව්දින රාජ්‍ය සංචාරයක් ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (15) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.
මේ වසරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු විදෙස් සංචාරය මෙය වන අතර නව වසරේ පිලිපීනයට රාජ්‍ය නායකයෙකු පැමිණෙන පළමු අවස්ථාව ද මෙය වනවා.