News

ජනපති විසින් වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් ලබාදිමට කටයුතු කරන බව තොණ්ඩමන් කියයි

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් අතිගරු ජනාදිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවෙන් පසු ජනාධිපතිතුමා විසින් වතුකම්කරුවන්ට ජිවන වියදමට සරිලන සාධාරණ වැටුපක් ලබා දිමට කටයුතු කරන බවට තමන් තුල හා වතු කම්කරුවන් තුල දැඩි විශ්වාසයක් පවතින බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය.

ආරුමුගන් තොණ්ඩමන් මහතා ඒ බව කියා සිටියේ ඊයේ (12) පස්වරුවේ හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති මාධ්‍යය සාකච්ඡාවකදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ආරුමුගන් තොන්ඩමන් මහතා කියා සිටියේ වතු හාම් පුතුන්ගේ සංගමය තව දුරටත් වතු කම්රුවනගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා නොපවත්වන බව එම සංගමයේ මාධ්‍යය ප්‍රකාශක රොෂාන් රාජදොරෙයි මහතා විසින් මාධ්‍යය හරහා විශේෂ ප්‍රකාශයක් කර තිබුණත් එම ප්‍රකාශය ඔහුගේ පෞද්ගලික ප්‍රකාශයත් බවත්, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් තවදුරටත් එකාබද්ධ වෘත්තිය සමිති සමග සාකච්ඡා පවත්වන බවට තමන්ට ෆැක්ස් පණිවිඩයක් මගින් දැනුම් දි ඇති බවයි තොණ්ඩමන් මහතා කියා සිටියේ.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග පෙරේදා (11) පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව තම වෘත්තිය සමිති ක්‍රියා මාර්ගය තාවකාලිකව අත්හැරි බවත්, අද (13) සිට වතු කම්කරුවන් සුපුරුදු පරිදි සේවයට වාර්තා කරන බවයි තෝණඩමන් මහතා කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ