News

ජනපති සහ එ.ජා.පෙ. නායකයින් අතර හමුව අද රාත්‍රියේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (03) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම සාකච්ඡාව අද රාත්‍රී 8.00ට ජනාධිපති ලේකම් කාර්යලයේදී පැවැත්වීමට නියමිතයි.

ඊයේ (02) රාත්‍රීයේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණද එය අද දිනය දක්වා කල් දැමීමට තීරණය කෙරුණා.

මේ වන විට මතුව තිබෙන දේශපාලනික අර්බුදකාරී තත්ත්වය පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

පසුගිය 30 වැනිදා ජනාධිපතිතුමා සහා එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාව එකගත්වයකින් තොරවයි අවසන් කෙරුණේ.