ජනපති හා අගමැති කිව්වොත් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට පවසන්නේ නම් තමන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කැබිනට් මණ්ඩලයේදි සඳහන් කර ඇති බව වාර්තා වෙයි.
ඒ ඔහුට එල්ලවී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව අදහස් දැක්වීමේදී මේ බව ප්‍රකාශ කර ඇති අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති බදියුදීන් මහතා විශ්වාසභංගයට ඉදිරිපත් කර ඇති චෝදනා වැරදි බවත් එයට විරෝධය දක්වන බවත් ප්‍රකාශ කර ඇත.
මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්වූ පසු ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම අතර ප්‍රශ්නයක පැන නැගිම සම්බන්ධයෙන්ද තමන්ට එරෙහිව එජාපයේ මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් අදහස් පළ කිරීම පිළිබඳවද ඔහු සිය බලවත් විරෝධය පල කර ඇත.
මේ වනවිට ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳව ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා කිසිවක් ප්‍රකාශ කර නොමැති බවද වාර්තා වෙයි.