News

ජනපතිගේ ජයග්‍රහණය පිළිබඳව සුභාශිංෂණ පල කරමින් ජපන් තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබඳව සුභාශිංෂණ පල කරන බව ජපන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව හා සබැඳි සියලු පාර්ශවයන්ගේ සහයෝගයෙන් ලංකාව ආර්ථික සංවර්ධනය හා සංහිඳියාව ළඟා කරගනු ඇති බවටත්, ඉන්දු ශාන්තිකර කලාපයේ කේන්ද්‍රස්ථානය වශයෙන් කලාපීය ස්ථායිතාවය හා සෞභාග්‍ය උදෙසා දායක වනු ඇති බවටත් ජපානය බලාපොරොත්තු වන බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

එමෙන්ම ජපානය විසින් ලංකාවේ උත්සාහයන් හා සහයෝගි සම්බන්ධය වැඩිදුරටත් වර්ධනය කර ගැනීමට අඛණ්ඩව අනුග්‍රහය දක්වනු ඇති බවත් එම ලිපියේ සඳහන්ව තිබේ.