News

ජනපතිට අපහස වන කිසිම දෙයක් ලිපි වල ලියා නොතිබු බව කිරිඇල්ල කියයි

තමන් විසින් නිර්නාමිකව පල කළේ යැයි පැවෙසන ලිපිවල ජනාධිපතිවරයාට අපහාස වන හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු කරුණක් අන්තර්ගත නැතැයි ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා සඳහන් කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ප්‍රකාශ කරයි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහ දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.