ජනපතිවරණයට නාම යෝජනා භාරදෙන දින ආරක්ෂාවට පොලීසියෙන් 1700ක්
ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාරදෙන ලබන සදුදා (07) දිනයේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ආසන්නයේ දැඩි ආරක්ෂාවක් යෙදවීමට පොලීසිය කටයුතු යොදා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඒ සදහා පොලිස් නිලධාරීන් 1200ක්, රථවාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 500ක් යෙදවීමට නියමිත බවයි.
ඊට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ද යෙදවීමට කටයුතු කරන බව රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය.
