ජනපතිවරණයෙන් දිනන පුද්ගලයා පිලිබඳ වෙල්ගම කියයි
ලබන වසරේදීත් ජනපතිවරණය ජය ගන්නේ ජාතික ඇඳුම අඳින පුද්ගලයෙක් බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කරයි.
කළුතර පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ “මහජනතාව වැඩි ප්‍රමාණයක් ඉන්න පක්ෂය තමයි පොහොට්ටුව. ඒ නිසා පොහොට්ටුවට වැඩි බලයක් හා වැඩි කැමැත්තක් තියෙයි. පොහොට්ටුව තනිවම ඉල්ලුවත් විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබෙනවා. නමුත් අපි ජාතික මැතිවරණයකට යනකොට අපි එකතු වුණොත් වාසිය වැඩියි.
මේ ආණ්ඩුව තියන්නේ නෑ පළාත් සභාව. මම ඒක පැහැදිලිවම කියනවා. මේ ආණ්ඩුව පළාත් සභාව තියන්න බයයි. පළාත් සභාව තිබ්බොත් මේ ආණ්ඩුව අන්ත පරාජයකට ලක්වෙනවා. ඔවුන්ගේ ඉලක්කය ජනාධිපතිවරණ්‍ය. ලබන ගමනත් ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් මගේ නායකයා මහින්ද රාජපක්ෂ මහතා. මට වෙන රාජපක්ෂවරු නෑ. ලියාගන්න ලබන ගමනත් ජාතික ඇඳුම අඳින කෙනෙක් තමයි ජනාධිපති වෙන්නේ කියලා මම ප්රත්යක්ෂව කියනවා. ආවට පස්සේ බලන්න පුළුවන් කෙරුවාව කොහොමද කියලා.” යනුවෙන්ය.