News

ජනාධිපති අපේක්ෂකයින් අද මැතිවරණ කොමිසමට

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ඔවුන්ගේ නියෝජිතයින්, පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් අද (29) පැවැත්වෙයි.

උදෑසන 10.30 ට එම හමුව පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බව ද ඔහු සඳහන් කළේය.