News

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය තාවකාලිකව වසයි

දින 5ක් පුරා විරෝධතා සිදු කිරීමට වෙන් කර ඇති ස්ථානයේ උපවාසයක නිරත සිටි නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමිවුවන් අද(24) ගාලුමුවදොර මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරතව තිබේ.

ඒ හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලුමුවදොර මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව ආරංචි මාර්ග පවසයි