News

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි තවදුරටත් ඉහළට

ඉදිරි ජනාධිපතිවරණයට අදාළව මේ වන විට මැතිවරණ පැමිණිලි 513ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පසුගිය 08 වැනිදා සිට ඊයේ (14) දිනය දක්වා අදාළ පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 146 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

රැකියා ලබා දීම, රාජ්‍ය දේපල අවභාවිතය, නීති විරෝධී ප්‍රචාරණය ආදි වශයෙන් පැමිණිලි ලැබී ඇති බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නීතීඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.

මේ අතර පැෆ්රල් සංවිධානයට ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 60කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව හි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ ය.