ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් අද සහ හෙට දිවයිනට
අද සහ හෙට යන දෙදින තුළ ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා තවත් විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් මෙරටට පැමිණීමට නියමිතව ඇත.
ඉන්දුනීසියාව, ඉන්දියාව, දකුණු කොරියාව, මාලදිවයින සහ භූතානය යන රටවල නිරීක්ෂකයින් මීට ඇතුළත් වන අතර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ සහ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නිරීක්ෂකයන් දැනටමත් දිවයිනට පැමිණ අවසන්ය.
