News

ජය ගත හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා – මහින්ද

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එකඟත්වයෙන් යුතුව ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජයගත හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා.

ඊයේ(14) ලුණුගම්වෙහෙර ප්‍රදේයේදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී මාධ්‍යවේදීන් DIG නාලක සිල්වා හා මාකඳුරේ මධූෂ් අතර ඇතැයි පැවසෙන සම්බන්ධය ගැන ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමරවීර මහතා කියා සිටියේ ජනාධිපති ඝාතන ක්‍රමන්ත්‍රණයේ දී ද නාලක සිල්වාගේ නම සඳහන් වන බවයි.

එමෙන්ම මධූෂ් පිළිබඳ රටේ විශාල අවධානයක් යොමුව ඇති බවත්, ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය උවඳුරින් ජනතාව මුදවා ගැනීමට ගෙන යනු ලබන වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙස මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන බව ද අමරවීර මහතා කියා සිටියා.

මේ පිළිපඳ අද වන විට පුළුල් පරීක්ෂණයක් සිදු කරන බවත් එහිදී වැරදිකරුවන්ට දඩුවම් ලබා දීමට බලාපොරොත්තු වන බව ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළ.