News

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න

පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට ප්‍රදේශ රැසකට අඩු පීඩන තත්ත්වයන් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ජල නොලැබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.