News

ජවිපෙ මන්ත්‍රී අරමුදලින් IDH රෝහලට ද්‍රව්‍ය පරිත්‍යාගයක්

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අරමුදලින් IDH රෝහලට පරිත්‍යාගයක් කොරෝනා ආසාධිතයන්ට ප්‍රතිකාර කරනු ලබන ප්‍රධනතම රෝහල වන මුල්ලේරියාව IDH රෝහලට අත්‍යාවශ්‍ය වී ඇති සනීපාරක්ෂක ද්‍රව්‍ය, මුහුණු ආවරණ, උණු බෝතල්, ආහාර ද්‍රව්‍ය තොගයක් ජ.වි.පෙ. මහජන නියෝජිත අරමුදල විසින් අද ((24) පෙරවරුවේ පරිත්‍යාග කරනු ලැබීය

මෙම ද්‍රව්‍ය රෝහල් පාලනාධිකාරිය වෙත භාරදීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ සහ නීතීඥ උපුල් කුමාරප්පෙරුම යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.