ජාත්‍යන්තර අපරාධ පොලිස් සංවිධානයෙන් ජනපතිට විශේෂ සම්මානයක්
අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම ඇතුළු එම සිදුවීමේදී සාර්ථකව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ පොලිස් සංවිධානය (ඉන්ටර්පෝල්) විසින් ශ්‍රී ලංකාවට සිය ප්‍රශංසාව පළ කර තිබේ.
අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිය ප්‍රශංසාව පළ කරමින් ඉන්ටර්පෝල් හි මහලේකම් ජර්ගන් ස්ටොක් මහතා විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විශේෂ සම්මානයක් ද පිළිගන්වනු ලැබීය.
මෙහිදී ජර්ගන් ස්ටොක් මහතා විසින් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය ,ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි සේවාවලට මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය වෙත සිය ප්‍රශංසාව පළකර සිටියේය.
