ජාතික අලූත් සහල් මංගල්‍යය අදයි
ජාතික අලූත් සහල් මංගල්‍යය අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9 ට ආරම්භ වීමට නියමිතව ඇත.
සාම්ප්‍රදායිකව වාර්ෂික මාස් කන්නයේ නෙලා ගත් අස්වැන්නේ නොඉදුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිදුන්ට පිදීම මෙහිදී සිදුකෙරෙන අතර මෙම ජාතික අලූත් සහල් මංගල්‍යයට පෙර චාරිත්‍රානුකූලව සතර වාහල්කඩ කිරි ඉතිරවා සිදුකරනු ලබන දේව කන්නලව්ව කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවත්වී ඇත.