News

ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයින් විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට

ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයින් විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක් කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

හෙට (04දා) ආරම්භවීමට නියමිත පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේදී මෙම පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇති අතර එහිදී යම් ක්‍රීඩකයෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වුවහොත් දැඩි ක්‍රියාමාර්ග කැනීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

මේ පිළිබඳව ක්‍රීඩකයන් දැනුවත් කිරීමටද ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.