ජාතික සංහිඳියා පාසල වල් වැදේ
අතරමග නතරකර ඇති පොළොන්නරුව කදුරුවෙල ත්‍රෛයිභාෂා ජාතික පාසලේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අරඹන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන් ගෙන් ඉල්ලා තිබේ.
ජාතික සංහිඳියාව තහවුරු කිරීමේ අරමුණෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත පොළොන්නරුව කදුරුවෙල ත්‍රෛයිභාෂා ජාතික පාසල 2017 වසරේ ඉදිකරනු ලැබූයේ ඉන්දීය රජයේ ආධාර යටතේය.
එය 2019 වසරේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබුනත් වසර කිහිපයකට ආසන්න කාලයක් ගතව ඇතත් මේ වන විටත් ඉදිකරමින් තිබූ ගරාවැටෙන ගොඩනැගිලි බවට පත්ව තිබේ.
අසම්පුර්ණ ඉදිකරමින් පවතින ගොඩනැගිලි වල ඉදිකිරීම් සඳහා රැගෙනවිත් තිබූ උපකරණද කොන්ත්‍රාත්කරුවන් විසින් යළි රැගෙන ගොස් ඇත.
කෝටි ගණනක මුදලක් වැයකරමින් අඩක් නිමකර තිබෙන ගොඩනැගිලි නිමකර’ ව්‍යාපෘතිය නිමකරන මෙන් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටී.