ජාතික හැඳුනුම්පත් 58ක් සහ යුද හමුදා කැළෑ නිල ඇඳුම්වලට සමාන ඇඳුම් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
වැලිමඩ, නුගතලාව, දිමුතුගම නිවසක තිබී යුද හා ගුවන් හමුදා කැළෑ නිල ඇඳුම්වලට සමාන ඇඳුම් කිහිපයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබී කාන්තා හා පිරිමි ජාතික හැඳුනුම්පත් 58 ක් ද සොයාගෙන ඇත.
යුද හමුදා කැළෑ නිල ඇඳුමට සමාන කලිසම් දෙකක්, ගුවන් හමුදා කැළෑ නිල ඇඳුමට සමාන කලිසම් 2ක්, එවැනිම බොටම් සහ ටී ෂර්ට් දෙකක් මෙන්ම තියුණු ආයුධයක් ද සැකකරු සන්තකයේ තිබී පොලීසිය සිය භාරයට ගෙන තිබේ.