News

ජිව උණ්ඩ තොගයක් සහ ගිනි අවි සමග පුද්ගලයෙක් පුඬළුඔයදී අත්අඩංගුවට

T 56 වර්ගයේ ගිනි අවි සදහා භාවිතා කරන සජීවි ජිව උණ්ඩ සහ තවත් ජිව උණ්ඩ ඇතුළු ආයුධ හා උපකරණ සමග සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට පියවර ගත් බව පුඬළුඔය පොලිසිය පවසයී.

පුඬළුඔය පොලිස් වසමට අයත් කරගහහැටතැන්න ප්‍රදේශයේ පදිංචි කරුවකු වු සැකකරු වසර හයකට පමණ පෙර යුධ හමුදාසේවයෙන් ඉවත්වු පුද්ගලයෙක් බව පොලිසිය පවසයී.

පොලිස් රහස් තොරතුරු අංශයට ලද තෙරතුරකට අනුව 03 වන දා රාත්‍රියේ පුඬළුඔය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.ඒ.ඩබ්ලිව් .රංජන බණ්ඩාර මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් සැකකරුගේ නිවස වටලමින් කල පරික්ෂාවකදි T 56 සජීවි ජීව උණ්ඩ 31 ක්. 2.2 වර්ගයේ පිස්තොලයක භාවිතා කරණ ලද හිස් කොපු 6ක්.2.7 වර්ගයේ ගිනි අවි සදහා භාවිතා කරන ජීව උණුඩ 2ක්.M.P.M.G වර්ගයේ ගිනි අවි සදහා භාවිතා කරන ජීව උණ්ඩ 2ක්.මෙරටදී කිසියම් පුද්ගලයෙක් විසින් නිෂ්පාදනය කරන දල ගිනි අවියක්.සන්නිවේදන උපකරණයක්.උල් පිහියක් සහ වෙඩි තැබීමෙදි ඉලක්කය පුහුණුව සදහා භාවිතා කරන මිනිස් අනුරුවක් හා කේරළ ගංජා ගෑම් 13 ක් සොයාගෙන තිබේ.

සැකකරු 04 (අද) එල්බොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පුඬළුඔය පිලිසිය මේ සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ කීයාත්මක කර ඇති බවත් වැඩි දුරටත් පැවසීය.

හැටන් චන්දන ජයවීර