ජොන්ස්ටන්ගේ ප්රතිශෝධන පෙත්සමක් ඔක්තෝබර් මස 4 වැනිදාට කල්යයි
ඉකුත් රජය සමයේ ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරී කටයුතුවලින් ඉවත් කර දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් තමාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු වෙළඳ අමාත්‍ය හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ප්රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් සඳහා ඔක්තෝබර් මස 4 වන දා කැඳවන මෙන් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (16) නියෝග කළේය.
මෙම ප්රතිශෝධන ප්‍රථම අද කැඳවනු ලැබූ අවස්ථාවේ එය කරුණු තහවුරු කිරීම සඳහා දින නියම කරන මෙන් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව පෙත්සම කරුණු තහවුරු කිරීමේ කටයුත්ත සඳහා ඔක්තෝම්බර් මස 4 වන දා කැඳවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය
ස.තො.ස ආයතනයේ සේවකයන් 153 දෙනෙකු දේශපාලන ක්‍රියාකාරකම්වල යොදවා ගැනීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකළ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය ප්රතිශෝධන පෙත්සම තුළින් සඳහන් කර තිබේ. එම නඩුව ගොනුකර තිබෙන ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් ඉදිරිපත් කලත් එය ප්‍රතික්ෂේප කොට නඩුව දිගටම විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇති බව ඔහු කියා සිටී.
මහේස්ත්‍රාත් අධිකරණයේ එම තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කොට එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන මෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා සිය ප්රතිචෝදනා පෙත්සම තුළින් කොළඹ මහාධිකරණය වෙතින් ඉල්ලා තිබේ.
අධිකරණ වාර්තාකරු
